The Religion of Peace
TheReligionofPeace.com

අපි කවුද

යම් මතවාදයක ඇති ම්ලේච්ඡත්වය 
එය එසේ නොවේ යැයි සිතීමෙන් වෙනස් නොවේ.
 

ඉස්ලාමය සැබවින්ම (අප සිතනවාට වඩා) වෙනස් නම්?


TheReligionofPeace.com (TROP)  යනු සියලු දෙනාගේ අදහස්වලට ගරුකරන, පක්ෂග්‍රාහී නොවන, ඉස්ලාමීය පොත පතෙහි අඩංගු දේශපාලනය සහ ආගමික ඉගැන්වීම් සම්බන්දයෙන් සංවේගයට පත්වී සිටින වෙබ් අඩවියක්.මෙහි අරමුණ වන්නේ ඉස්ලාමීය අන්තවාදයට සුදුහුණු ගෑමට විරුද්ධ වීම සහ, ඉස්ලාම්වාදයෙන් මානව ගරුත්වයටත්, නිදහසටත් එල්ල වී තිබෙන තර්ජනය පිළිබඳව වගේම මෙම ආගම්වාදීන්ගේ ආධිපත්‍යයවාදී දෘෂ්ටිවාදයේ සෘජු ප්‍රතිවිපාකයක් වන ප්‍රචණ්ඩත්වය සහ අක්‍රමිකතා පැහැදිලි කර දීමටයි. 

ඉස්ලාම් යනු පුද්ගලික අර්ථකතනයකින් ගොඩ නැගුනු දෙයක් නොවන අතර එය කුරානය, හදිත් සහ සීරහ්(සූරා) මත ගොඩ නැගුණකි. මෙම එෛතිහාසික පාඨ අද වනවිට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි සකසා ඇත, එනම් ඕනෑම කෙනකුට මෙම වෙබ් අඩවියේ සඳහන් ඕනෑම ලිපියක් හරහා එම මූලාශ්‍ර වලට ගමන් කළ හැක. 

ඉස්ලාමය වෙනුවෙන් පෙනීසිටින මතධාරීන් කුරානයේ කොටස් සහ ව්‍යාජ හදීස් භාවිතා කරමින්, ඉස්ලාමයට විරුද්ධ ප්‍රවෘත්ති සහ සමකාලීන මතයන් දුර්වල කරමින් බටහිර රටවලින් යොදා ඇති ආරක්‍ෂක වළල්ල අඩු කරගන්න අතර, TROP එහි සන්දර්භය පැහැදිලි කරයි, එහි මුල් ආගමික කතෘවරුන් උපුටා දක්වයි, වඩාත් විශ්වසනීය යැයි සලකනු ලබන එම හදීත් මූලාශ්‍ර සඳහා යොමු කිරීම් පළ කරයි. (Sahih Bukhari, Sahih Muslim and Abu Dawud). 

TROP වෙනත් කිසිම සංවිධානයක් සමග බැඳී නැත. මෙම වබ් අඩවිය කිසිදු ආගමක් ප්‍රචාරනය නොකරන අතරම, කිසිදු ආගමකට විරුද්ධවද කටයුතු නොකරයි. අපි පොදුවේ අන් අයගේ අයිතීන් උල්ලංඝනය නොකරන, අදේවවාදීන්, කිතුනුවන්, හින්ඳු, යුදෙව්වන්, කාන්තාවන්, වැඩිහිටියන්, මුස්ලිම්වරුන් සහ මේ පෘතුවිය මත වෙසෙන වෙනත් ඕනෑම කෙනෙකුගේ තමන් කැමති පරිදි ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් සහයෝගය දක්වනවා.

ලෝකයේ කොතැනක හෝ සිටින මුස්ලිම්වරයෙකුට ඔවුන්ගේ ආගම පදනම් කරගෙන කරන සියළුම හානි සහ හිරිහැර TheReligionofPeace.com දැඩිව හෙළා දකිනවා.සෑම කෙනෙකුටම පුද්ගලයෙකු වශයෙන් සැලකුම් ලැබීමට අයිතියක් තිබෙන අතර, ඔවුන්ව විනිශ්චයට ලක්වන්නේ ඔවුන්ගේ වාචික සහ හැසිරීම් රටා අනුව පමණි. (බලන්න මුස්ලිම්වරු ).

කුරානයේ පිටපත් විනාශ කර මුස්ලිම්වරුන්ගේ ද්වේශය ඇවිස්සීම ඇතුළුව, මුස්ලිම් පල්ලි හෝ වෙනත් දේපළ වලට හානී කිරීම් TROP විසින් තරයේ හෙළා දකිනවා   (කුරානය අපකීර්තියට පත් කිරීමට ඇති සාර්ථකම ක්‍රමය වන්නේ මුස්ලිම් නොවන අයට ඔවුන් ගැන කුරානයේ ලියවී ඇත්තේ කුමන විදිහටදැයි කියා පෙන්වා දීමයි). 

අප ජීවත්වන ලෝකය දැන් පවතින්නේ ඉතා අවධානම් මොහොතකයි. අවුරුදු 1400ක් තිස්සේ සිදුවන මුස්ලිම් ආක්‍රමණ දරා සිටීමෙන් පසුව, බටහිර රටවල් වල මායිම් දැන් නැවත හැරවිය නොහැකි තරමටම මුස්ලිම් සංක්‍රමණයට විවෘත වී ඇත. ඒ සමගම ඉස්ලාම් ආගම සම්බන්ඳයෙන් මතු වන වැදගත් ප්‍රශ්න අවමානයට ලක් කිරීම සහ හිතාමතාම 'ව්‍යාජ' දේවල් ලෙස අර්ථකතනය වීමක්ද සිදුවේ. 

බොහෝ මුස්ලිම්වරු ආවේගයට පත්වන එක් කරුණක් වන්නේ ඔවුන්ගේ ආගම පිළිබඳව කරන ප්‍රශ්න කිරීම් වන අතර, බොහෝ දෙනෙක් එසේ ප්‍රශ්න කිරීම වැරැදි ක්‍රියාවක් සේ දකියි. සාමාන්‍ය මුස්ලිම්වරුන්ගේ හැසිරීම මත පදනම්ව අන්තවාදීන්(සැබෑ ඉස්ලාමීය මතදාරීන්) ගැන ඇති කරගන්නා වැරදි සංකල්ප තවත් එකකි. බොහොමයක් මුස්ලිම්වරු ඇත්තෙන්ම නරක අය නොවෙයි. බොහොමයක් අය 'අපි වගේ' වෙති. කරුණු සොයා නොබලා අප සිදු කරන අනුවණම නිගමනය වන්නේ 'සැබෑ' ඉස්ලාමය අප ඇසුරුකරන සාමකාමී මිනිසුන්ගේ හැසිරීමට වඩා වෙනස් හෝ භයානක නොවන්නේ යැයි සිතීමයි. 

එහෙත්, ඉස්ලාමය ඉවසීමෙන්, ඇත්ත යටපත් කළ නොහැක. ඕනෑම ප්‍රතිපත්තියක් විවේචනයට ඇති නිදහස අපේ සංස්කෘතිය දියුණුවට බොහෝ සෙයින් හේතු වී ඇත. ඉස්ලාමය පමණක් විවේචනය නොකිරීම , දුක සේ කැපකිරීම් සිදුකර ඇතිකරගත් සාමාජීය දියුණුව අවධානමකට ලක් කිරීමක් පමණක් නොව, එය ප්‍රඥාවන්ත යුගයක් අත්‍යවශ්‍ය පිරිසට ද(මුස්ලිම් ජනයාට) ඒ අවස්තාව අහිමි කරයි. අනෙක් කාරණය නම් ඉස්ලාමය සැබෑවටම කුමන ආකාරයේ විනාශකාරී දහමක් දැයි ගවේෂණයෙන් ආරක්ෂා වීමට එයට විශේෂ රැකවරණයක් අවශ්‍ය බවයි.

මෙම වෙබ් අඩවියේ මූලික පරමාර්ථය වන්නේ සෑම ආගමක්ම එකයි බවට වන උපකල්පනය අභියෝගයට ලක් කිරීමයි. 99% ක වඩා ආගම් මත පදනම්ව සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා සිදුවන්නේ ඉස්ලාමය පදනම් කරගෙනයි. එය එසේ වනවිට ඉස්ලාමය අනෙක් ආගම් සහ සමානයි කියා පවසන්නේ කෙසේ ද? 

අපිට නිතර අසන්න ලැබෙන දෙයක් තමයි, ඉස්ලාමය වැළඳගන්නා අය ත්‍රස්තවාදීන් බවට පත්වන බව,එනමුත් ඉස්ලාමය හැර යන අය ත්‍රස්තවාදීන් බවට පත්වන්නේ නැහැ.  ඉස්ලාමය හැර යාම මරණීය වරදක් නම්?  අනෙක් ආගම්වල එවැනි දෙයක් නොමැත්තේ ඇයි?, ඒ වගේම ඉස්ලාමීය පූජකයන්, ඉමාම්වරු සහ දේශනාකරුවන් දහස් ගණනක් ත්‍රස්ත කල්ලිවල සහ ලොව පුරා බඳවා ගැනීම සඳහා ක්‍රියාශීලීව සම්බන්ධ වී සිටින්නේ මන්ද? 

ආගම යන කබාය ඉවත් කළ විට, පැහැදිලිවන කරුණ නම් ඉස්ලාමයේ මූලික පොත පත සහ ඉගැන්වීම් වලින් ගැට ගැසුණු සමාජ අක්‍රමිකතා ගණන අතිමහත් බවයි.  ඡන්ද විමසීම් වලින් පෙනී යන්නේ, ඉස්ලාමීය ලෝකයේ සැලකිය යුතු තරමේ පිරිසක් ද , විටෙක බහුතරයද ශරීර අවයව කපා ඉවත් කිරීම,ගල්ගසා මැරීම, ඉස්ලාමය ආරක්‍ෂා කිරීම සඳහා වූ ප්‍රචණ්ඩත්වය සහ අන් ආගම් වලට ඇති සමාන අයිතීන් සහ නිදහස උල්ලංඝනය කිරීම සඳහා පනවා ඇති දරුණු නීතී අනුමත කරන බවයි.   

අන් ආගම් හෙලා දැකීම, වෛර කිරීම්, භීශණය යනාදිය කම්පනයට පත් කරවන සුළු වුවද, මුස්ලිම් ලෝකයේ එය බහුලව සිදුවන්නකි. කෙතරම් බහුලද කිවහොත්, ඒවා අද වනවිට බටහිර ලෝකය තුළ අවධානයට පත් නොවන තැනට පත්වී ඇත. 'සාමයේ ආගම' නම් වූ ඉස්ලාමය විසින් සකසා ඇති පහත් අපේක්‍ෂාවන් සහ එහි වෙනස මේ කාරණාවෙන්ම මැනැවින් අවධාරණය කරයි.  

වෙනත් කිසිම ආගමක ස්වයං-විප්ලවවාදය(ආගමේ නාමයෙන් ස්වයං රැඩිකල්කරණය) වැනි වචන භාවිතා කරන්නේ නැති අතර, ඒ ආගම්වල ism (Islamism-ඉස්ලාමීය වාදය) යන පදය අගට යොදා, අපගේ සබැ ආගම යනු මීට වඩා හොඳ දෙයක් මොවුන් කරන්නේ වැරදි දෙයක් යැයි පවසමින් විචාරකයන්ට බොරු බලාපොරොත්තු දෙන්නට උත්සාහ කරන්නේ නැත. ඔබට අස්තාන බිය නම් අසනීපය (ෆෝබියාව) වැළදී යැයි විචාරකයන් නිහඬ කරන්න උත්සාකරන ආගම හෝ දෘෂ්ටිවාදය වන්නේ ඉස්ලාමය පමණි. (නොඑසේ නම් ඔවුනට අනුව ආදිපත්‍යවාදී ඉස්ලාමයට අභියෝග කරන, විවේචනය කරන ඉස්ලාමය නොඅදහන සියළු දෙනාම "ජාතිවාදීන්"වේ).

ඉස්ලාමය ආධිපත්‍යය ඇති තැන, නොඇදහිලිවන්තයන්ට ක්‍රමානුකූල වෙනස්කම් කිරීම සහ පීඩනයට පත්කිරීම් සිදුවෙයි. මුස්ලිම් වරුන් සුළුතරයක් සිටින තැන්වල, කපටි ලෙස ස්වයං අවශ්‍යතා ගැන ප්‍රවණතාවක් ඇති කර, එම විශේෂ වරප්‍රසාද සහ හිමිකම් නොලැබුණ විට නිනැතින්ම එයින් ප්‍රචණ්ඩත්වය අවුළුවාලයි. ගෞරවය ලබා ගැනීම පිණිස ඉතා සුළු දෙයක් කරමින්, බොහෝ ඉල්ලීම් කරන වෙනත් කිසිම ආගමක් නොමැත. 

මානූෂීය වශයෙන් අත් කරගන්නා ජයග්‍රහණ සහ සැබෑ සාමය වෙනුවට, ඉස්ලාමයෙන් පෙනෙන්නේ උඩඟුකමත් ස්වයං අවශෝෂණයත් බෝකිරීමකි. සාමුහික සන්ත්‍රාසය, ජාතිවාදය, සහ සදාකාලික දුක් ගැනවිල්ල මුස්ලිම්වරුන්ව පුළුල් ලෙස විදහා දක්වයි. උදාහරණයක් වශයෙන්, හින්දු ආගමත්, බටහිර ආගම් අතරත් ඇත්තේ ඉතා සුළු සමානකමකි, එනමුත් ඔවුන් එය මනාව උකහා ගෙන, සත්කාරක රටවලට ධනාත්මක දායකත්වයක් ලබා දෙන අතර, මුස්ලිම් සංක්‍රමණයත් සමග සිදු වී ඇත්තේ ශුද්ධ අයවැය පාඩුවකි. 

තමන්ගේ ඇදහිල්ලෙන් පිටත සිටින අයට සමාන සදාචාරමය වශයෙන් සැලකිල්ලක් දැක්වීමට ඉස්ලාමයේ ඇති විශේෂ අකැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීම ඉතාමත් අසීරු කටයුත්තකි. Ku Klux Klan කණ්ඩායම විසින් ඔවුන්ගේ වසර 145ක කාලය තුළ කල ඝාතන වලට වඩා මරණ සංඛ්‍යාවක් (මූලාශ්‍ර), මුස්ලිම් ඇදහිලිකරුවන් විසින් සැප්තැම්බර් 11 වන දින පැය දෙකක් ඇතුළත සිදුකලද, ඔසාමා බින් ලාඩන්ට විරුද්ධව කිසිදු විරෝධයක් මුළු මුස්ලිම් ලෝකය තුල නොනැගුණි (බොහෝ අය ඔහු ඝාතනය කිරීම හෙළා දැක්කා).   අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් කෙතරම් නරක ක්‍රියා සිදුකෙරුනද, ඒවා අමතක කරවන්නේ වාචාල කතා වලින් සහ ප්‍රචණ්ඩත්වයෙන් විපතට පත්වූ බව හඟවාය.

මෙම ආධිපත්‍යවාදී දෘෂ්ඨියේ අන් අය ගැන ඇති නොසැලකිල්ල මුල් බැසගෙන ඇත්තේ කුරානය සහ ශරියා තුළ බව සොයාගැනීම ගැන අප පුදුම විය යුතුද? මෙම ග්‍රන්ථ තුළ නිර්ලජ්ජිතව ඇදහිල්ල විශ්වාස කරන කණ්ඩායමේ සහ එයින් පිටත සිටින අයගේ වෙනෙස තියුණු ලෙස දක්වා, ඔවුනට අත්තනෝමතික ලෙස අවලාද නැගීම, වෛරය කිරීම්, කුරිරු ලෙස සැලකීම හා සදාකාලික දඬුවම නියම කරනු ලැබේ. ඉවසීම සහ අවබෝධ කර ගැනීම පිලිබඳව පාඩම් අවශ්‍ය වන්නේ මුස්ලිම්වරු විසින් හඳුන්වන විත්තිකරුවන් නොවේ. එය ඉගෙන ගත යුත්තේ ඉස්ලාම් නැමැති ලෝකය විසින්ය. 

ඉස්ලාම් යනු වෙනත් ආගමක් පමණයි යන්නෙන් එහා ගිය දෙයකි. එය "අල්ලා දෙවියන් සඳහා පමණයි". යන අදහසින් අනුන්ගේ ජීවිත අත්පත් කරගෙන පාලනය කිරීමට ඇති විධානයක් සහිත වූ බලවත් දේශපාන සහ සංස්කෘතික පද්ධතියකි. මෙම ලෝක සම්මතයේ සතුරා ලෙස හැඳින්වන්නේ බුද්ධිමය විසම්මුතියක් ඇති මතධාරීන් සහ නිදහස් කථනය පමණක් නොව​, මානව සංහතියේම නිදහසය​.. ඉස්ලාමයේ දිව්‍ය ප්‍රඟප්තිය වන්නේ පුද්ගලයින්ව වෙනත් අර්ථ සහිත ජීවිත සොයා යෑමෙන් වළක්වා ඉස්ලාමය බලෙන් ඔබ්බවා ඒ තුලම රඳවා තැබීමයි. 

බටහිර ලෝකය ඉස්ලාමයට සුදුසු 'ආරක්‍ෂිත ස්ථානයක්' කරනවාට වඩා, ඉස්ලාමය ලෝකයට සුරක්‍ෂිත දෙයක් කරන ලෙසට අපි මුස්ලිම්වරුන්ට අභියෝග කළ යුතුය. ඒ තාක් ඔවුනට අනුගත වීම උදෙසා වටපිටාව සැකසීමට අප හට කිසිදු අවශ්‍යතාවක් නොමැත. මුස්ලිම් ප්‍රජාව පවා ජීවත් වීමට කැමැත්තක් දක්වන රටවල් ගොඩනැගීමට උපකාර කිරීමට අසමත් වන ආගමක්, අපගේ දේශසීමා තුළ ව්‍යප්ත කිරීම සඳහා අප සහය නොවිය යුතුය.

ඉවසීම යහපත් දෙයකි, නමුත් බලය ලබා ගැනීමෙන් පසුව කිසිදු ප්‍රයෝජනයක් නැති අය විසින් ඉවසීම අපට විරුද්ධව නරුම ලෙස යොදා ගැනීමට ඉඩ දෙන අවස්ථාවකදී ඉවසිය යුතු නොවේ. අපි දේශපාලනික මධ්‍යස්තවීම් වීසිකර දමා විවේචනාත්මක අදහස් වැලඳගත යුතුයි. 

සත්‍යය නම්, ඉස්ලාමය අනෙකුත් ආගම් වගේ නොවේ, නිසැකයෙන්ම එය සාමයේ ආගමක් නම් නොවේ. සමහර අවස්ථාවලදී සත්‍යය යනු සැප පහසුව දනවන දෙයක් නොවේ. සමහර වෙලාවට සත්‍යය සිත වේදනාවට පත් කරනවා. නමුත්, සත්‍යය තුළින් අන් අයව වේදනාවට පත් වීමට ඉඩ හැරීම අපේ නිදහස නැති කරගන්නවාට වඩා හොඳය.

 



See also:

FAQ - Frequently Asked Questions
How We Feel about Muslims
If Muslims are a Race, Then Islam is Racist
What to Do about the Islamic Threat



©2002 - 2019 Site developed by TheReligionofPeace.Com
All Rights Reserved
Any comments can be directed to the Editor.
About the Site